Update : රත්මලානේ ඖෂධ ගබඩාවක ගින්නක්

Thursday, 06 October 2016 - 7:49

Update+%3A++%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
රත්මලාන - මැලිබන් මංසන්ධිය - අත්තිඩිය මාර්ගය ආසන්නයේ පිහිටි ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන ගබඩා මධ්‍යස්ථානයක අද අලූයම 05ට පමණ ඇතිවූ ගින්න මේ වනවිටත් නිවා දැමීමට හැකි වී නැහැ.

දෙහිවල - ගල්කිස්ස ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ ගින්න නිවා දැමීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බවයි.

ඖෂධ ගබඩා කර ඇති ස්ථානයක් බැවින් ගින්න නිවා දැමීමට අසීරු වී ඇති බවද එම ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් සිදුවී නැහැ.

මේ අතර  කඩුවෙල - බෝමිරිය ප්‍රදේශයේ නිවසක අද උදෑසන ගින්නක් හටගත්තා.

කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

 Update : Thursday, October 6, 2016
----------------------------------------------
රත්මලානේ පිහිටි රථවාහන සේවා මධ්‍යස්ථානයක් අසල අැති ගොඩනැගිල්ලක්
හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

දෙහිවල - ගල්කිස්ස ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න පාලනය කිරීමට රථ දෙකක් මේ වනවිට එම ස්ථානයට පිටත් කර හැර ඇති බවයි.

මීට අමතරව මොරටුව නගර සභාවේ ගිනි නිවන රථයක්ද එම ස්ථානයට ගොස් තිබෙනවා.

අදාළ රථවාහන සේවා මධ්‍යස්ථානයේ වාහන පිරිසිදුකිරීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයේ ගින්න සීග්‍රයෙන් පැතිර ගිය බවයි වාර්තාවන්නේ.