පොලිසිය සිවිල් ඇඳුමින් සෝදිසියකට ගිහින් තරුණයෙක් අත්අඩංගුවට ගෙන ගනේමුල්ල රත් වූ හැටි

Thursday, 06 October 2016 - 8:13

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
අනන්‍යතාව තහවුරු කිරිමට නොහැකි වූ පුද්ගලයෙකු ගනේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ගනේමුල්ල - බොල්ලත ප්‍රදේශයේ ඊයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

ගනේමුල්ල පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් ගනේමුල්ල - බොල්ලත ප්‍රදේශයට ඊයේ රාත්‍රි ත්‍රිරෝද රථයකින් සිවිල් ඇඳුමින් සැරසී පැමිණ තිබුණේ සෝදිසි මෙහෙයුමක් සදහායි.

එහිදී අනන්‍යතාව හෙළි කිරිමට නොහැකි වූ තරුණයෙකු එම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අසල නිවසක ගෘහ සේවකයෙකු ලෙස කටයුතු කරන අදාළ තරුණයා කිසිදු හේතුවක් නොමැතිව පොලිසිය අත්අඩංගුවට ගෙන පහර දුන් බවටයි.