දරුවන්ට අමතක නොවුණු වැඩිහිටි දිනය (ඡායාරූප)

Thursday, 06 October 2016 - 9:12

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අදට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් සංවිධානය කළ වැඩිහිටි දින පාගමන අද උදෑසන කොළඹ ලිෆ්ටන් වටරවුමෙන් ගමන් ඇරඹුනා.

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම පා ගමන ලිෆ්ටන් වටරවුමේ සිට නව නගර ශාලාව දකවා ගමන් කිරීමට නියමිතයි.

මෙම පා ගමනේ තේමාව වූයේ "වැඩිහිටි විය යථාර්තයකි - පිළිගනිමු ගරුකරමු" යන්නයි.

පා ගමනට එක්ව සිටි අබාධිත වැඩිහිටියන් රෝද පුටුවල තබා දරුවන් විසින් රැඟෙන ගිය ආකාරය වෙතට බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වූවා.

එම අවස්ථාව පහතින්.