12 වන දිනටත් වතු සේවකයන් මහ පාරේ

Thursday, 06 October 2016 - 12:02

12+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු සේවකයින් ආරම්භ කළ විරෝධතා අද 12 වන  දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් වතු සේවකයින් ඉල්ලා සිටින ආකාරයට දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ නොහැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකදී කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න කියා සිටියේ.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක වතු කම්කරුවන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ආරම්භ කළේ පසුගිය 24 වනදායි.

 මේ අතර අද දිනයේද පස්සර, නාවලපිටිය සහ  ඇහැලියගොඩ ප්‍රදේශවල වතු කම්කරුවන් විරෝධතාවල නිරතවුණා.

ඇහැලියගොඩ නගරයේ  පැවති උද්ඝෝෂණය හේතුවෙන් රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වුණා. 





(ඡායාරූප)  හැටන්  රංජිත් රාජපක්ෂ