මැතිව්, හයිටි ජනාධිපතිවරණයත් කල් දමයි

Thursday, 06 October 2016 - 12:31

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%2C+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
හයිටි දුපත් වලට දැඩි බලපෑම් එල්ලකළ මැතිව් සුළි කුණාටුව හේතුවෙන් එහි පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයද කල් දමා තිබෙනවා.

හයිටි ජනාධිපතිවරණය මේ සතියේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව බේරා ගැනීම සහ සහන කණ්ඩායම්වලට එම ප්‍රදේශවලට ලඟාවිය නොහැකි තත්ත්වයක් මතුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මැතිව් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් දහස් ගණනක් අවතැන්ව තිබෙනවා.

තවදුරටත් හයිටි හි ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිව් සුළි කුණාටුව මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරීඩා සහ දකුණු කැරොලයිනා ප්‍රාන්ත වෙත ලඟා වෙමින් පවතිනවා.