අසාමාන්‍ය ලෙස සිරුර මහත් වූ මාවතේ Hulk මෙන්න (ඡායාරූප)

Thursday, 06 October 2016 - 12:37

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+Hulk+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම සිරුර අසාමාන්‍ය ලෙස වර්ධනය කරගත් පුද්ගලයෙක් පිලිබඳව පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වනවා.

48 හැවිරිදි මෙම පුද්ගලයා තම දෑතට සහ උරහිස් වලට මාරාන්තික තෙල් වර්ගයක් එන්නත් කර ගැනීමෙන් මෙලෙස අසාමාන්‍ය ලෙස සිරුර වර්ධනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු කලක් දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිට ඇති අතර පසුව කායවර්ධනය සඳහා යොමු වී තිබෙනවා.

එහිදී ඔහුට මුණගැසෙන පුද්ගලයෙකු විසින් ඔහුට හඳුන්වා දී ඇති මෙම තෙල් වර්ගයට පසුව ඔහු  ඇබ්බැහි වී තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ තවදුරටත් මෙම තෙල් වර්ගය එන්නත් කරගැනීම තුලින් මොහු දැඩි රෝගාබාධ වලට ලක්වීමේ අවදානමක් පවතින බවයි.

නමුත් අදාළ පුද්ගලයා පවසන්නේ මෙමගින් ඔහු දැඩි ලෙස වින්දනයක් ලබන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ ප්‍රදේශයේ සිටින පිරිස මොහුට අමතන්නේ Hulk නමින්.

එම පුද්ගලයා පහතින්.