ගුවන් පාලකවරුන්ට අද විශේෂ සාකච්ඡාවක්

Thursday, 06 October 2016 - 13:07

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සහ සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

එම සංගමයේ සභාපති තිසර අමරනන්ද කියා සිටියේ රාත්‍රී අටට කටුනායක ගුවන් තොටුපලේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

පාලනාධිකාරියේ කටයුතුවලට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතාවක් මුල් කරගෙන ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය යළි අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ  ඊයේ පස්වරුවේයි.