ද්විත්ව හිසක් සහිතව නිරෝගීව උපන් දරුවා දෙමව්පියන්ගේ හිතුවක්කාරකම නිසා මියයයි

Thursday, 06 October 2016 - 13:16

%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ද්විත්ව හිසක් සහිතව නිරෝගීව උපත ලද දරුවෙකු දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම දරුවා උපත ලබන්නේ උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හි රෝහලකදීයි

උපත ලද අවස්ථාවේ කිලෝ 2.5ක බරකින් යුක්තව නිරෝගීව උපත ලද බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් තරයේ උපදෙස් ලබාදී ඇත්තේ දරුවා තවදුරටත් රෝහලේ තැබිය යුතු බවටයි.

පසුව දරුවාගේ දෙමව්පියන් විසින් මෙම වෛද්‍ය උපදෙස් නොසලකා හරිමින් මෙම දරුවා නිවසට රැඟෙන ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී පැය 32ට පසුව මෙම දරුවා අධික ලෙස රුධිරය වහනය වීමකින් මියගොස් තිබෙනවා.

අදාළ සිද්දිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස ද්විත්ව හිස සහිතව උපත ලබන දරුවන් ජීවත් වීමේ සම්භාවිතාව වැඩි බවයි.

වෛද්‍ය උපදෙස් අනුව තවදුරටත් දරුවා රෝහලේ නේවාසිකව සිටියා නම් මෙලෙස දරුවාගේ ජීවිත හානියක් සිදු නොවීමට ඉඩ තිබු බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.