ප්‍රහාරයකින් මොරගහහේනේදී පුතෙකු මරුට - පියා සහ තවත් පුතෙකු රෝහලේ

Thursday, 06 October 2016 - 13:26

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හොරණ - මොරගහහේන - බෙරුකැටිය ප්‍රදේශයේදී පියාට සහ පුතුන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය  සඳහන් කළේ කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ ඔවුන් පදිංචිව සිටින නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පියා සහ තවත් පුතෙකු හෝමාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුත්‍රයාගේ වයස අවුරුදු 43ක්.

රෝහල් ගතකර ඇති පියාගේ වයස අවුරුදු 63 වන අතර අනෙක් පුත්‍රයාගේ වයස අවුරුදු 32ක් බවයි පොලිසිය සඳහන් කළේ.  

කලක සිට පැවති ආරවුලක් මෙම පහරදීමට හේතුවී තිබෙනවා.

පහරදීම සඳහා රැගෙන ආ බවට පැවසෙන තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඇඹිලිපිටිය - මෝදරවාන ප්‍රදේශයේදීද තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීිසිය සඳහන් කළේ ඇඹිලිපිටිය -මහනගර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.