එට්කා ගිවිසුම මේ වසර අවසානයේදී අත්සන් කිරීමට එකඟතාවය

Thursday, 06 October 2016 - 13:46

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුමට මේ වසර අවසානයේදී අත්සන් තැබීමට එකඟතාවකට පැමිණී බව ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්.

ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් නවදිල්ලි නුවරදී සංවිධානය කෙරුණු ඉන්දීය ආර්ථික සමුළුවට අග්‍රාමාත්‍යවරයා අද (06) එක්වුණා.

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේ එට්කා ගිවිසුම අත්සන් කිරීම තුළින් දෙරට අතර යහපත් ආර්ථික සබඳතාවක් පවත්වාගැනීමේ හැකියාව පවතින බවයි.

ඉන්දීය ආර්ථික සමුළුව හෙට (07) දිනයේ ද පැවැත්වෙනවා.

සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විනිමය නීතිරීති වඩා නම්‍යශිලි කරමින් හා රටේ ලිහිල් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් වෙළද සහ සේවාවන්වලට අගය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍ර‍්‍රී ලංකාව පත් කිරීම සිය අපේක්ෂාව බවයි.