වැලිපැන්නේ කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

Thursday, 06 October 2016 - 13:57

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුද්ගල ඝාතන 3 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුමුදු ප්‍රියංකර ද සිල්වා හෙවත් මාදම්පේ - සුමුදු නවගමුව - රණාල ප්‍රදේශයේදී අද (06) අත්අඩංගුවට ගත්තා.

වැලිපැන්න ප්‍රදේශයේදී පසුගිය 28 වනදා කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ද මොහු සම්බන්ධ බවයි පොලිසිය සදහන් කළේ.

මතුගම - වැලිපැන්න - හතේ කණුව ප්‍රදේශයේදී පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර, වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එම අවස්ථාවේදීයි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්වුණේ.

පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වූයේ මාදම්පේ - සුමුදු නමැත්තා මෙම ඝාතනයට සම්බන්ධ බවයි.

රණාල ප්‍රදේශයේ නිවසක සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ඒ සදහා භාවිත කරන උණ්ඩ තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණ වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදුවූ පුද්ගල ඝාතන දෙකකට ද මෙම සැකකරු සම්බන්ධ බවයි.

මොහු තවත් පාතාල සාමාජිකයෙකුගේ අනුදැනුම මත මෙම වැඩි තැබීම් සිදුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.