ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ඨත්වය ආණ්ඩුව ශක්තිමත් කරනවා - ජනපති

Thursday, 06 October 2016 - 18:04

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
වසර දහස් ගණනක මෙරට ඉතිහාස කතාවේ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ඨත්වය වත්මන් ආණ්ඩුව තුළින් තව තවත් ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මිනිපේ ඇලේ වම් ඉවුරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට අද (06) පස්වරුවේ එක්වෙමින්.

රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිමින් විවේචකයන් කුමන විවේචන සිදුකළ ද රටට සේවය කිරීමට කැමති සියලූ දෙනා එක් කර ගනිමින් රට ගොඩනගන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.  

කිලෝමීටර් 74 ක් දිගින් යුත් මිනිපේ ඇලේ වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 2600 ක් වැය වන අතර ඊට ආසියානු සංවර්ධන බැංකුව ද ආධාර සපයා තිබෙනවා.