මැතිසබයේ අදත් නරක වචන

Thursday, 06 October 2016 - 18:08

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1
පාර්ලිමේන්තුවේදී නරක වචන භාවිත කිරීම සාධාරණ නොවන බව කතානායක කරූ ජයසූරිය අද (06) ප්‍රකාශ කළා.

කතානායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පිළිතුරු ලබාදීමේදී අමාත්‍ය සරත් ෆොන්සේකා ඊට මැදිහත්වීමත් සමඟ ඇතිවු උණුසුම් තත්ත්වය අතරතුරයි.

මේ අතර, වාචික ප්‍රශ්නවලට අමාත්‍යාංශ මගින් ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව කබීර් හෂීම් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට කියා සිටියා.

එමෙන්ම, දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග විසිතුන දෙක යටතේ ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද (06) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඊට පිළිතුරු ලබාදුන්නා.