රත්මලානේ ගින්න නිවන්න පැය 12 ක මෙහෙයුමක්

Thursday, 06 October 2016 - 18:29

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රත්මලාන - අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන ගබඩා මධ්‍යස්ථානයක අද (06) අඵයම හටගත් ගින්න පැය 12ක මෙහෙයුමකින් පසු නිවා දැමිමට හැකි වී තිබෙනවා.

ඒ සඳහා ගිනි නිවිමේ රථ 8 ක්ද යොදා ගෙන ඇති බව සඳහන්.

කොළඹ, දෙහිවල,- ගල්කිස්ස, මොරටුව සහ පානදුර යන මහ නගර සභාවල ගිනි නිවීමේ ඒකක යොදාගත් බවයි වාර්තා වන්නේ.

ගින්න හට ගැනීමත් සමග ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ටද එම ස්ථානවලින් ඉවත්වීමට උපදෙස් ලබාදී තිබෙනවා.

ගින්නෙන් ගබඩාවේ තිබු සියඵම ඖෂධ සහ රුපලාවන්‍ය නිෂ්පාදන විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ.