අගමැති යළි දිවයිනට

Friday, 07 October 2016 - 7:15

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
නවසීලන්තයේ සහ ඉන්දියාවේ නිල සංචාරවල නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.196 යානයෙන් ඊයේ (06) රාත්‍රී 10ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගා වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා සිය තුන්දින ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර ඉන්දීය ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය ද පැවැත්වුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති සාකච්ඡාවේ දී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව පිළිබදව ද අවධානය යොමු කළා.

එහිදී උතුරේ ධීවරයන් ඉන්දීය ධීවරයන්ගේ ආක්‍රමණය හේතුවෙන් පීඩාවට ලක්වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ.