ජනපති තායිලන්තය බලා පිටත්ව යයි

Friday, 07 October 2016 - 7:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සමුළුවට සහභාගිවීම සඳහායී.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ ජනාධිපතිවරයා ඇතුලු ධුත පිරිස අද උදෑසන 7.25 ට දිවයිනෙන් පිටත්වු බවයි.

නිල සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්ත ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.