කැකිරාවේ පාසල් දැරියක් බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Friday, 07 October 2016 - 7:53

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කැකිරාව - මහකනුමුල්ල ප්‍රදේශයේදී බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය පෙරේදා දිනයේදී පාසලට යන අවස්ථාවේදී බඹර කූඩුවක් මාර්ගයට කඩා වැටී ඇති අතර, එහිදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් බරපතල තුවාල ලැබීම නිසා මරදන්කඩවල රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව බරපතල තත්ත්වය හේතුවෙන් ඇය අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

16 හැවිරිදි මෙම පාසල් සිසුවිය තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.