පුත්තලම - අනුරාධපුර මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Friday, 07 October 2016 - 8:56

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 19 කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ කැන්ටර් වර්ගයේ ලොරි රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් කුඩා ලොරියේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.