සුළි කුණාටුව ළං වෙද්දී ෆ්ලොරිඩාවේ අර්බුධයක්

Friday, 07 October 2016 - 10:04

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැතිව් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්න වෙමින් තිබියදී සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇගවීම් ජාතික මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය බිඳ වැටී තිබෙනවා.

ඊයේ දිනය වන තෙක් මෙම වෙබ් අඩවිය මගින් නියමිත වේලාවට සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කරමින් තිබු බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

එහෙත් රාත්‍රී 11 න් පසු වෙබ් අඩවිය ක්‍රියා විරහිත වී තිබෙනවා.

කෙසේවෙතත් සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇගවීම් ජාතික මධ්‍යස්ථානයේ ට්විටර් ගිණුම ඔස්සේ අදාළ අනතුරු ඇගවීම් නිකුත් කෙරෙන බව සඳහන්.

ෆ්ලොරිඩා ප්‍රාන්තයට පැමිණීමට නියමිත මැතිව් සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් ලෙසට සැලකෙනවා.

එමගින් පැයට කිලෝමීටර් 130 ක පමණ වේගයකින් සුළං සහ දැඩි වර්ෂාපතනයක් පතිත වනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.

මේ හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන 2 ක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ද යොමුකර තිබෙනවා.