ජයලලිතාට හුස්ම ගැනීමේ සහාය කෘත්‍රිමව

Friday, 07 October 2016 - 11:01

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%80
තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් තවදුරටත් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇයට දැන් ශ්වසනය සදහා කෘත්‍රිම සහාය ලබාදෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත්, 68 හැවිරිදි ජයලලිතාගේ තත්ත්වය යහපත් තත්ත්වයට හැරෙමින් පවතින බවයි වෛද්‍යවරුන් සහ ඇගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ ප්‍රධානීන් පවසන්නේ.

උණ සහ විජලනය හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 22 වනදා රෝහල් ගත කෙරුණා ජයලලිතාට රෝහලෙන් නික්මිය හැකි බව මීට පෙර ප්‍රකාශ වුණා.

එහෙත්, ඇගේ තත්ත්වය ඊට වඩා බරපතල බව පෙනී යන්නේ යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.