වාසුගෙන් චෝදනාවක්

Friday, 07 October 2016 - 12:14

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රත්නපුරේ හෙට පැවැත්වෙන රැළියට ආණ්ඩුව බියවී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද (07)  කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ මෙම රැළිය කඩා කප්පල් කිරීම සදහා ආණ්ඩුව කටයුතු කරන බවයි.

රත්නපුරේ හෙට පැවැත්වෙන රැළියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කළ යුත්තේ නිදහස් පක්ෂය රැක ගැනීම පිළිබදව බව නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් වෙනත් දේශපාලන පක්ෂ සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් වලට අනුව නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.