පුතුගේ පහරදීමෙන් පියා මරුට

Friday, 07 October 2016 - 12:19

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මොනරාගල - දඹගල්ල - පඟුර ප්‍රදේශයේදී සිය පුතු සිදුකළ පහරදීමකින් පියෙකු මියගිය පුවතක් අද (07) වාර්තා වුණා.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම 36 හැවිරිදි පුතු 67 හැවිරිදි පියාට පොල්ලකින් පහරදී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ පියා දඹගල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.