පුංචි ඡන්දයේ ප්‍රමාදය අදත් මැතිසබයට

Friday, 07 October 2016 - 12:34

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාව පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාර්ක් සමුළුවෙන් ඉවත් නොවූ අතර, හෝ එය වර්ජනය කිරීමක් ද සිදුනොකළ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සාර්ක් සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරණ ස්ථාවරය පිළිබදව අමාත්‍යාංශ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ කඩිනමින් ඡන්දය පැවැත්වීම එක්සත් ජාතික පක්ෂයේ ද අපේක්ෂාව බවයි.

සීමානිර්ණ ගැටලූ සම්බන්ධයෙන් ද එහිදී සංවාදයක් මතුවූ අතර, ඊට කතානායක කරූ ජයසූරිය ද මැදිහත් වුණා.