සම්බන්ධන් ස්විට්සර්ලන්ත කතානායිකාව හමුවෙයි

Friday, 07 October 2016 - 12:48

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ස්විට්සර්ලන්ත කතානායිකා ක්‍රිස්ටා මාර්ක් වැල්ඩර් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කතානායක කරූ ජයසූරිය හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මුණ ගැසුණා.

ප්‍රථමයෙන් කතානායක කරූ ජයසූරිය හමුවූ ස්විට්සර්ලන්ත කතානායකවරිය, අනතුරුව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හමුවී පැය භාගයකට ආසන්න කාලයක සාකච්ඡාවක නිරත වූ බවයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය කියා සිටියේ.

එම හමුවෙන් අනතුරුව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර, ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සැකසීමේදී ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාව කෙරෙහි අවධානයක් යොමුකළ යුතු බවයි.

එරට ව්‍යවස්ථාව ඉතා යහපත් ලක්ෂණවලින් යුක්ත බව පැවසූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ඒ තුළින් සියලූ ජනකොටස් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන ස්විට්සර්ලන්තය දියුණුව කරා ගමන් කර ඇති බව ද සදහන් කළා. විපක්ෂ නායකවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ස්විට්සර්ලන්ත කතානායකවරිය ඇතුළු දුත පිරිස පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණ සිටි බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියා.