උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සැරසෙන ලකුණු

Friday, 07 October 2016 - 13:43

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
උතුරු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය අසල සැකකටයුතු ක්‍රියාකාරකම් දක්නට ලැබෙන බව එහි චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂාවෙන් හෙළි වී තිබෙනවා.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් මෙම තොරතුරු නිරීක්ෂණයෙන් පවසා ඇත්තේ එය බොහෝ දුරට තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සදහා සූදානම්වීමක් විය හැකි බවයි.

උතුරු කොරියානු කම්කරු පක්ෂයේ සංවත්සරය ඔක්තෝම්බර් 10 වනදාට යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් එම දිනය ඉලක්ක කරගෙන උතුරු කොරියාව න්‍යෂ්ටික පිපිරීමක් සිදුකිරීමට ඉඩ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.