මල්වානේ නිවස සහ ඉඩම තමාගේ නොවන බව බැසිල් අධිකරණයට කියයි

Friday, 07 October 2016 - 15:09

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මල්වාන ගඟබඩ පාරේ පිහිටි නිවස සහ අක්කර 16ක ඉඩම තමාට අයත් නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම දේපළ සම්බන්ධයෙන් වන තීන්දුව ලබන 14 වන දා ලබාදෙන බවයි පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ ප්‍රකාශ කළේ.

මල්වාන - ගඟබඩ පාරේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මීට පෙර නඩුව කැදවූ දිනයේ රජයේ සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම ඉඩමට කිසිවෙකු අයිතිවාසිකම් නොකියන බැවින් එය විකුණා එම මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත්, එදින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම දේපල සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නේ නම් එම අවස්ථාවේදී තම සේවාදායකයා ද  අධිකරණයේ සිටිය යුතු බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අද අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ අතර ඒ අනුව ඔහු අධිකරණයට පෙනී සිටි බව ද අප වාර්තාකරු ප්‍රකාශ කළා.  

දැනට ඉඩමේ ලියාපදිංචි අයිතිය හිමි මුදිත ජයකොඩි නැමැත්තාගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා මෙම ඉඩමට අයිතියක් නොකියන බවත්, ඉඩමේ ඇති නිවාසය ඉදිකිරීම සඳහා මුදල් වියදම් නොකළ බවයි.

මේ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ විත්තිකරු වන බැසිල් රාජපක්ෂ ද ඉඩමට අයිතියක් ප්‍රකාශ නොකරන නිසා එය රජයට අයත් දේපළක් ලෙස අලෙවි කර අධිකරණ ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටියා.