ජනපති බැංකොක් නුවරට ළඟා වෙයි

Friday, 07 October 2016 - 17:14

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තායිලන්තයේ පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගිවීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු මෙරට දූත පිරිස පිළිගත්තේ එරට සංස්කෘතික ඇමතිවරයා විසින්.

විශේෂ හමුදා උත්තමාචාර සහිත එම උත්සවයෙන් පසු තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

කලාපයට පොදුවේ බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගීතා සමුළුවට රටවල් 34ක් එක් වන අතර, එය හෙට සිට 10 වන දා දක්වා පැවැත්වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනිද්දා සමුළුව ඇමතීමට නියමිත අතර ඔහු හෙට තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනවා.