වතු සේවකයන්ට එරෙහිව බස් සේවකයන් වර්ජනයකට

Friday, 07 October 2016 - 18:47

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
ප්‍රධාන මාර්ග අවහිර කරමින් වතු කම්කරුවන් තවදුරටත් උද්ඝෝෂණ සිදුකළහොත් හෙට සිට බස් ධාවනයෙන් ඉවත් වන බව කඳුකරයේ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් සේවකයන් ප්‍රකාශ කරනවා.

ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් බස් රථ ධාවනය කිරීමට ඉඩ නෙැලැබීම නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, 13 වන දිනටත් වතු කම්කරුවන් සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතුකරයේ නගර කිහිපයක අද දිනයේත් උද්ඝෝෂණවල නිරත වුණා.

මේ හේතුවෙන් මස්කෙලිය - හැටන් ප්‍රධාන මාර්ගය සහ මස්කෙලිය - නෝර්ටන් බීච් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, හැටන් ශ්‍රී ලංගම ඩිපෝවේ ජාතික සේවක සංගමයේ සභාපති රෝහණ ද සිල්වා සදහන් කළේ පසුගිය දිනවල සිදුකළ වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් හැටන් ඩිපෝවට ලක්ෂ 40ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

ඉකුත් දින කිහිපය තුළ වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් තමන්ට ද විශාල පාඩුවක් සිදුවූ බවයි හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමිකරුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More