පවිත්‍රා දුවගෙන් ජෝන් මාමාට පිළිතුරු

Friday, 07 October 2016 - 18:50

%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
රත්නපුරයේ හෙට සංවිධාන කර ඇති රැළියට එරෙහිව ආණ්ඩුව විවිධ පියවර ගනිමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බත්තරමුල්ල කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මේ බව කියා සිටියා.

මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළේ නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායක, අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්.

එහිදී ඇයට ලේලිය ලෙස හැදින් වූ අමාත්‍යවරයාට ජෝන් මාමා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ඔහුට දේශපාලන ඉගැන්වූයේ තම පියාණන් බවයි.

එහෙත් අමාත්‍යවරයා එම මඟ ගමන් නොකරන බවට ද ඇය චෝදනා කළා.