ධීවර ගැටළුව ගැන ශ්‍රී ලංකාවට එරෙහි පෙත්සම, මදුරාසි මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Saturday, 08 October 2016 - 7:19

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%2C+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයන් මෙරට නාවික හමුදාව මගින් හිරිහැරවලට ලක්වන බව පවසමින්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉන්දීය ආරක්ෂක අංශ යොදවන්නැයි ඉදිරිපත් වූ පෙත්සමක් මදුරාසි මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා.

2014 වසරේදී මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ තමිල්නාඩුවේ එස්.එම්. ආනන්ද මුරුගන් නැමති නීතිඥයෙකු විසින්.

කච්චතිව් දූපත, පෝක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක ප්‍රදේශවලදී තමිල්නාඩු ධීවරයන් මෙලෙස හිරිහැරවලට ලක්වන බවයි පෙත්සම්කරු ප්‍රකාශ කළේ.

තමිල්නාඩුවේ රාමනාදපුරම් පාර්ලිමේන්තු අසුනට අයත්ව තිබූ කච්චතිව් දූපත 1976 වසරේ ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට පිරිනැමීම ගැටළුවට හේතුවක් ලෙස එමගින් දක්වා තිබුණා.

කච්චතිව් දූපත අසළ මසුන් මැරීමේ අයිතිය ඉන්දීය ධීවරයන්ට හිමි බව තමිල්නාඩු පෙත්සම්කරුගේ මතයයි.

කෙසේ නමුත්, ඔවුන්ට කච්චතිව් දූපතේදී දැල් වේලා ගැනීමට පමණක් ශ්‍රී ලංකාවෙන් අවසර ලැබෙන බවයි පෙත්සම්කරු කියා සිටියේ.

අධිකරණයේදී අදහස් දැක්වූ ඉන්දීය මධ්‍යම රජයේ නීතිපති නියෝජිතයා පෙන්වා දුන්නේ තමිල්නාඩු ධීවරයන්ගේ ආරක්ෂාව උදෙසා ඉන්දීය රජය සියළු පියවර ගෙන ඇති බවයි.

මේ අනුව ධීවරයන් සඳහා අමතර ආරක්ෂක විධි විධාන යොදන ලෙස ඉදිරිපත් වූ පෙත්සම මදුරාසි මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළා.