ජනපති අද තායිලන්ත අගමැති හමුවේ

Saturday, 08 October 2016 - 7:33

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තායිලන්තයේ පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගිවීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මුණ ගැසෙනවා.  

කලාපයට පොදුවේ බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගීතා සමුළුවට රටවල් 34ක් එක් වන අතර, එය අද සිට අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි.

විද්‍යා සහ තාක්ෂණ, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක, තිරසාර සංවර්ධන ආදී ක්ෂේත්‍රයන් 20ක් ඔස්සේ සබඳතා ගොඩනගා ගැනීම ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ අරමුණයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට මෙම සමුළුව අමතන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එසේම ජනාධිපතිවරයා තායිලන්ත ජනපතිවරයා සමඟ ද ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වන බව සදහන්.