තන්තිරිමලේ වන අලි පහරදීමකින් මව මිය යයි - දරු දෙදෙනා රෝහලේ

Saturday, 08 October 2016 - 7:53

%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
තන්තිරිමලේ - කුඩාගම ප්‍රදේශයේදී අද අලුයම වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

ඇගේ කුඩා දරුවන් දෙදෙනා ද වන අලි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අලුයම නිවස අසළ එළවළු වගා භූමියට පැමිණි එම වන අලියා ඒ අසළ තිබූ නිවසට පහර දී ඇත්තේ නිවසේ සිටි සුනඛයා අලියා දෙසට කඩා පැනීමෙන් අනතුරුවයි.

එහිදී නිවස දෙසට දිව ගොස් ඇති වන අලියාගේ පහරදීමෙන් එහි රැදී සිටි 27 හැවිරිදි මව ජීවිතක්ෂයට පත්වුණා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඇයගේ 7 හැවිරිදි පිරිමි දරුවා සහ තුන් හැවිරිදි ගැහැණු දරුවා තන්තිරිමලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.