ජේලර්ගේ පැමිණිල්ල බොරු ?

Saturday, 08 October 2016 - 8:01

%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%3F
කිසියම් පිරිසක් තමන් පැහැරගෙන ගොස් පහර දුන් බවට වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන ජේලර්වරයෙකු සිදුකළ පැමිණිල්ල අසත්‍ය එකක් බව තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා.

පසුගිය 9 වන දා මෙම සිද්ධිය වාර්තා වූ අතර අදාළ ජේලර්වරයා කැපුම් තුවාල සහිතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශනවලදී එය අසත්‍ය ප්‍රකාශයක් බව හෙළි වී ඇති අතර, පොලීසිය ඊට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ටී.එන්. උපුල්දෙනිය කියා සිටියේ නීතිමය ක්‍රියාමාර්ගයට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද අදාළ නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.