ජපානයේ අසෝ ගිනි කන්ද පුපුරයි

Saturday, 08 October 2016 - 8:25

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%9D+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දකුණුදිග ජපානයේ පිහිටි අසෝ ගිනි කන්ද අද අලුයම් කාලයේ සිට යළි පිපිරීමට ලක්වී තිබෙනවා.

එහි සිට මීටර් දහස් ගණනක් උසට ගිනි කඳු දුමාරය නික්මෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර් 30ක් දුරට බර අලු පතිත විය හැකි බවත්, කිලෝමීටර් 250ක් ඈතට සාමාන්‍ය අලු පතිත විය හැකි බවත් ජපාන කාලගුණ අංශ අනතුරු ඇගවීමක් නිකුත් කළා.

අඩි 5253ක් උසැති අසෝ ගිනි කන්ද දකුණුදිග කියුෂු දිවයිනේ සංචාරකයන් අතර ප්‍රකට කුමමොටෝ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

වසර 19ක් නිද්‍රාගතව පැවති අසෝ ගිනි කන්ද පසුගිය වසරේ සැප්තැම්බරයේදී නැවත සක්‍රිය වුණා.

ගිනි කඳු පිපිරීම් සහ භූ චලන බහුල පැසිෆික් ගිනි වලල්ලට අයත් ජපානයේ ගිනි කඳු පිපිරීමකින් අවසන් වරට ජිවිත හානි වාර්තා වූයේ 2014 වසරේදියි.