දඹුල්ලේ අනතුරකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කරයි (ඡායාරූප)

Saturday, 08 October 2016 - 8:34

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල - පැල්වෙහෙර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, ඔහුගේ පුතා, දුව, ලේකම්වරයා සහ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා සිය නිළ රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රිකුණාමලයේ සිට දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මන්ත්‍රීවරයාගේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව ලෙස සැක කෙරෙනවා.

රෝහල් ගත කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



(ඡායාරූප - කාංචන ආරියදාස)