සයිබර් ප්‍රහාරයක් ගැන ඇමරිකාවෙන් රුසියාවට චෝදනා

Saturday, 08 October 2016 - 9:59

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
රුසියානු රාජ්‍ය අනුග්‍රහය සහිත හැකර්වරුන් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති කිරීමට උත්සාහ කරන බවට ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරනවා.

ඊට නිසි අවස්ථාවේදී නිසි ස්ථානයකදී ප්‍රතිචාර දක්වන බවයි ඇමරිකානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

ඇමරිකානු ඔත්තු සේවා මගින් ද රුසියාව ඇමරිකානු ආයතනවල වෙබ් අඩවි වලට අනවසරයෙන් පිවිසී සයිබර් ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කළා.