බස් නැවතුමට කඩා වැදුණු බස් රියේ ගැටී තරුණියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

Saturday, 08 October 2016 - 10:04

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අහුංගල්ල - වතුරේගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද අලුයම කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වතුරේගම ප්‍රදේශයේ කුඩා බස් නැවතුම්පළක් සහ ඒ අසල තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.

ඒ අවස්ථාවේ බස් නැවතුම්පළේ කොළඹ දෙසට යාමට බස් නැවතුමේ රැදී සිටි තරුණිය මෙලෙස බස් රථයේ ගැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණිය බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ඡායාරූප  අම්බලංගොඩ දීපාල් සිල්වා