පිලිපීන ජනපතිගෙන් ඇමරිකාවට අභියෝගයක්

Saturday, 08 October 2016 - 11:05

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හැකි නම් උත්සාහ කර තමා බලයෙන් පහ කරන්නැයි පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට් ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයට අභියෝගයක් එල්ල කළා.

තම ජනාධිපති ධුරයේ දින 100 සම්පූර්ණ කරමින් පැවැත්වූ කතාවේදී ඔහු බටහිර විවේචකයන්ට එල්ල කළේ දැඩි ප්‍රහාරයක්.

මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීම සඳහා දැඩි පියවරක් අනුගමනය කරන ඩුටරෙට් පසුගිය ජුනි 30 වන දා පාලන බලය සියතට ගත් පසු සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 1523 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් ද ඊට අයත්.

එමෙන්ම මෙම මෙහෙයුම්වලට සමගාමීව තවත් 1838 දෙනෙකු පැහැදිලි කළ නොහැකි හේතූන් මත මිය ගොස් තිබෙනවා.