සුළු ජන කොටස් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරිය ශ්‍රී ලංකාවට

Saturday, 08 October 2016 - 12:44

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරිය වන රීටා අයිසැක් නාඩියේ ලබන සඳුදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙනවා.

දින 10ක් මෙරට රැදී සිටින ඇය, මෙරට ජනවාර්ගික, ආගමික සහ භාෂා සුළුතරයන්හි වත්මන් තත්ත්වය පිළිබදව ඇගයීමක් කිරීමට නියමිතයි.

ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මානව හිමිකම් විශේෂඥවරියක වන ඇය උතුර, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සුළු ජාතික ජන කොටස් මුණ ගැසී ඔවුන්ගේ ගැටළු පිළිබදව ඍජුව අදහස් හුවමාරු කර ගනු ඇති බවයි.

ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරිය රජයේ නිලධාරීන්, ජාතික මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඇය මෙරටට පැමිණෙන්නේ ලක් රජයේ ආරාධනයෙන්.

සිය සංචාරයට පෙර අදහස් දැක්වූ ජගත් සංවිධානයේ සුළු ජාතික කටයුතු පිළිබද විශේෂ නියෝජිතවරිය කියා සිටියේ මෙරට නව රජය බලයට පැමිණීමෙන් පසු සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටින බවයි.

එහෙත් එක්සත්භාවය තහවුරු කිරීම, නොසැලකිල්ල පිටුදැකීම, සියලූ ජන කොටස් අතර සාමය සහ අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් අභියෝගවලට මුහුණ දෙන බවයි ඇය සදහන් කර ඇත්තේ.

මෙරට සංචාරයේ අත්දැකීම් පිළිබදව ජගත් සංවිධාන නියෝජිතවරියගේ වාර්තාව ලබන වසරේ මාර්තු මාසයේ ජිනිවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරනු ඇති.