කතරගම බස්නායක නිලමේ, අලි ගැන ජනපතිට ලියයි

Saturday, 08 October 2016 - 12:57

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රුහුණු කතරගම මහා දේවාලයේ අලි සංචිතය අඩුවීම හේතුවෙන් වාර්ෂික පෙරහර පැවැත්වීම දුෂ්කර වී ඇති බව එහි බස්නායක නිලමේ D P කුමාරගේ පවසනවා.

ඒ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා සහ වනජීවි අමාත්‍යවරයා වෙත ලිපි යොමු කළ බවයි බස්නායක නිලමේවරයා සදහන් කළේ.

බලපත්‍ර දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී දේවාලයේ භානු නමැති අලියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනජීවි භාරයට ගෙන පින්නවල අලි අනාථාගාරයට රැගෙන ගියා.

මීට පෙර අවස්ථාවකදී දේවාලයේ සිටි ‘සමෝදි’ නමැති අලියා ද බලපත්‍ර දෝෂයක් හේතුවෙන් වනජීවි භාරයට ගනු ලැබුවා.

මේ නිසා දැනට රුහුණු කතරගම මහා දේවාලයේ අලි සංචිතය දෙදෙනෙකු දක්වා අඩු වී තිබෙනවා.

මේ වන විට දේවාලයේ කරඬුව වැඩම වන 55 හැවිරිදි ‘වාසනා’ ඇතා රෝගාතුර තත්ත්වයෙන් පසුවනවා.

අනෙක් හස්තියා වන ‘මද්දු’ගේ වයස අවුරුදු 25ක් වන අතර, මොවුන් දෙදෙනාගෙන් පමණක් වාර්ෂික පෙරහර පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බවයි බස්නායක නිලමේ D P කුමාරගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.

එහි සහකාර ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර ප්‍රකාශ කළේ කතරගම බස්නායක නිලමේවරයාගෙන් අදාළ ලිපිය ලැබුණු අතර එය රජයේ අවධානයට යොමු කර ඇති බවයි.






ඡායාරූප - මහේෂ් ප්‍රියශාන්ත