සතියකින් පුංචි වැසි - ලක්ෂ 05 ක් තවමත් පීඩාවෙන්

Saturday, 08 October 2016 - 18:04

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
දිවයිනේ දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල කර ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 138,585 කට අයත් පුද්ගලයන් 519,527 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඉන් වැඩිම පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව 118,309 ක්.  

මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද පීඩාවට පත්වූවන් වැඩි පිරිසක් වාර්තා වනවා.

මේ අතර, අන්තර් මෝසම් වැසි මේ මස 15 වැනිදායින් පසුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල ප්‍රකාශ කළා.

එම සුළු වැසි අධික උෂ්ණත්වය අඩු කිරීමට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා වාන් දොරටු සියල්ල විවෘත කර ජලාශය හිස් කිරීමද හෙට සිදු කෙරෙනවා.

ඒ අනුව හෙට (09) රාත්‍රි 10 සිට අනිද්දා (10) උදෑසන හය දක්වා එම කටයුතු සිදු කෙරෙන අතර අදාළ කාලය තුළ පොල්ගොල්ල වේල්ලේ පහළ ප්‍රදේශය ඉතා අවදානම් වන බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.

එම නිසා අදාළ ප්‍රදේශයේ මහවැලි ගඟ භාවිත කිරීමෙන් වළකින්නැයි ජලාශය භාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික නිරීක්ෂණ කටයුතු සහ නඩත්තු කටයුතු ඉදිරි මෝසම් වැසිවලට පෙර සිදුකළ යුතු බවද ඔහු කියා සිටියා.