සීවලී අහිමි වූ ඒකාබද්ධ විපක්ෂය, රථගාලේ ජනරැලිය අරඹයි

Saturday, 08 October 2016 - 18:09

%E0%B7%83%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B6%AE%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය පවත්වන රත්නපුර ජන රැළිය අද (08) පස්වරුවේ ආරම්භ වුණා.

රැළිය පැවැත්වීම සඳහා රත්නපුර සීවලී ක්‍රීඩාංගනය ලබාගැනීමේදී ගැටළුකාරී තත්ත්වක් මතුවූ අතර, ඒ අනුව එම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති ලොරි රථ ගාලක ජන රැළිය පැවැත්වීමටයි සංවිධායකයන් පියවර ගත්තේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ  නායකයන්ද ජනරැළියට එක්ව සිටිනවා.

එසේම ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක්ද ඊට එක්ව සිටින බව එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් සඳහන් කළා.

රැස්වීම ඇමතූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඉවසුවා ඇති යන පණිවුඩය අද රත්නපුරයෙන් ලබාදුන් බවයි.

ජනවාරිය වනවිට රටේ දේශපාලන වෙනසක් සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ජනරැළිය අමතමින් කියා සිටියේ.