නව ව්‍යවස්ථාව ගැන නොවැම්බරයේදී වාර්තාවක්

Sunday, 09 October 2016 - 12:10

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මාසය තුළ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත මූලික වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසනවා.

මෙම මූලික වාර්තාව මගින් විධායකය, මැතිවරණ ක්‍රමය සහ බලය බෙදීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ අතර, ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට අදාළව පත් කළ අතුරු කමිටු හයේ වාර්තා සකස් කර අවසන් බවයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම නියෝජනය කරමින් ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කෙරුණා. එමගින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ අතුරු කමිටු 6 ක් පත් කෙරුණු අතර, වත්මන් ව්‍යවස්ථාව සහ නව යෝජනා සම්බන්ධයෙන් අදාළ කරුණු එම ව්‍යූහයන් තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වෙමින් පවතිනවා.