එප්පාවල පොස්පේට් සමාගමට ගිනි තැබූ බවට හෙළිවේ

Sunday, 09 October 2016 - 12:46

%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
එප්පාවල රාජ්‍ය පොස්පේට් සමාගමේ ඇති වූ ගින්න ස්වභාවික ගින්නක් නොව ඉන්ධන වර්ගයක් යොදා කළ ගිනි තැබීමක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංගගේ සිදුකළ විමර්ශනයේදීයි.

පසුගිය ජුනි 21 වනදා ඇති වූ ගින්නෙන් සමාගමේ සැපයුම් අංශය, විගණන අංශය, ලේඛනාගාරය සහ සේවක විවේකාගාරය මුළුමනින්ම විනාශයට පත්වුණා.

එමෙන්ම, සමාගමට අයත් වැදගත් ලිපිලේඛන රැසක් ද විනාශයට පත්වූ අතර, මේ පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙසයි තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ අනුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තාව ලැබීමෙන් පසු අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සදහන් කළා.

පසුගිය කාලයේ පොස්පේට් සමාගමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා වසන් කිරිමේ අරමුණින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.