එට්කා ගිවිසුමට සහාය දෙන්න නිදහස් පක්ෂයෙන් තීරණයක් නැහැ

Sunday, 09 October 2016 - 13:04

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත්, එට්කා ගිවිසුමට සහය පළ කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙවර අයවැයට සිය යෝජනා ඇතුළත් නොකළහොත් ඊට ද නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා නොදෙන බවයි එහිදී ඔහු කියා සිටියේ.