රහලගල නිවද්දී බෙරගල ඇවිලේ (Update)

Sunday, 09 October 2016 - 16:38

%E0%B6%BB%E0%B7%84%E0%B6%BD%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%99%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%28Update%29
පවතින වියළි කාලගුණයත් සමඟ මාවනැල්ල - අරණායක - රහලගලේ බටහිර බෑවුමේ සහ ඒ අවට රක්ෂිතයේ පැතිර ගිය ගින්නෙන් අක්කර 300ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඬපවත්වා ඇති බවයි.

ඊයේ රාත්‍රියේ සිට හට ගත් ගින්නෙන් කුරුඳු සහ තේ වගාවන් ඇතුළු අතිරේක භෝග වගාවන් රැසකට ද හානිවී තිබෙනවා.

සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයෙකු අදාළ රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මාඔය ආරම්භ වන අසුපිනි ඇල්ල කඩා හැලෙන්නේ ද රහලගලේ එක් පසෙකින්.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙවැනි රක්ෂිත ගිනිතැබීම නිසා ජල මූලාශ්‍රවල ද සිදී යා හැකි බවයි.

මේ අතර, හපුතලේ - බෙරගල කන්ද රක්ෂිතයේ ද අද දහවල් ගින්නක් හට ගත්තා.

අප වාර්තාකරු සදහන් කළේ ඊයේ පස්වරුවේ සිට විටින් විට මෙම ගින්න ඇවිලෙමින් තිබූ බවයි.

කෙසේ වෙතත්, අද දහවල් යළි ගින්න හට ගත් අතර, මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා පොලිසිය සහ ආපදා කළමනාකරණ ඒකකය එක්ව කටයුතු කරමින් සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයින් හෝ ගිනි ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු 117 යන දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිත ගිනි තබන පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

Update Sunday, October 9, 2016 6.39
-----------------------------------------------------
මාවනැල්ල - අරණායක - රහලගලේ බටහිර බෑවුමේ සහ ඒ අවට රක්ෂිතයේ පැතිර ගිය ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ගින්නෙන් අක්කර 300කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

එමෙන්ම කුරුඳු සහ තේ වගාවන් ඇතුළු අතිරේක භෝග වගාවන් රැසකට ද ගින්නෙන් හානි වී තිබෙනවා.

සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයෙකු අදාළ රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මේ අතර, හපුතලේ - බෙරගල රක්ෂිතයේ ද අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ගින්න නිවා දැමීම සදහා ආපදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටින බවයි.