සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී මරුට

Sunday, 09 October 2016 - 17:12

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඕමානයේ - සලාලාහ් ප්‍රදේශයේ ස්වභාවික තටාකයක් අසල සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඊට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර වාර්තා වූ බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

මෙම දැරියන් දෙදෙනා පවුලේ සාමාජිකයන් සමඟ විනෝද චාරිකාවක නිරත වන අතරතුර අදාළ තටාකය අසල සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී එක් දැරියක් තටාකයට ඇද වැටී ඇති අතර ඇය අනෙක් දැරියගේ අත අල්ලා ගැනීම නිසා එම දැරිය ද තටාකයට ඇදී ගොස් ඇති බව සඳහන්.

මෙම  දැරියන් දෙදෙනා ඇද වැටී ඇත්තේ එම උල්පතේ ඇති ගැඹුරුම ස්ථානයටයි.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා බේරාගැනීමට එම ස්ථානයේ සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා.

පසුව ඔවුන් ගොඩගෙන රෝහල්ගත කලද ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

මෙම දැරියන් දෙදෙනා අනතුරට ලක්ව අදාළ ස්ථානය පහතින්