දිස්ත්‍රික්ක 16කට පානීය ජල අර්බුදයක් - ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඉල්ලීමක්

Sunday, 09 October 2016 - 18:42

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+16%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ආණ්ඩුව, ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

වැසි රහිත කාලගුණය තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් පන්ලක්ෂ 19,527 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද පානීය ජල අර්බුදයක් පවතින බවටයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජල සම්පාදන මණ්ඩලය එක්ව බවුසර් මගින් ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකරනවා.

ඇතැම් ස්ථානවලින් ජලය ලබා ගැනීමේදී ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් ද ගැටළු පවතින බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.  

කෙසේ වෙතත්,  වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජලය බෙදා හැරීමේ කටයුතු සීමා කිරීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ  සාමාන්‍යාධිකාරී ජී.ඒ. කුමාරරත්න සදහන් කළේ.

මේ අතර, වියළි කාලගුණයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ද ජල මට්ටම් ද පහළ ගොස් තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම සඳහා ගල් අගුරු සහ තාප බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව ද ඔහු සදහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ වැසි රහිත කාලගුණ තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකි බවයි.



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More