භේදයක් නැහැ- මල්වතු මහනාහිමියන් ස්විට්සර්ලන්ත කථානායකවරියට කියයි

Sunday, 09 October 2016 - 18:44

%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික, ආගමික හා දේශපාලන වශයෙන් අන්තගාමීන් මෙරට සිටියත් ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාවට කිසිදු බලපෑමක් එල්ල කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව පිළිබද වෙනස් ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයේ මවා පෙන්වා ඇති නමුත් මෙරට ජනතාව අතර සැබෑ සහජීවනයක් ඇති බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

මෙරට සංචාරයක නිරත වන ස්විට්සර්ලන්තයේ කථානායිකා ක්‍රිස්ටා මාක්වෝල්ඩර් අද උදෑසන මල්වතු මහනාහිමියන් බැහැදුටුවා.

කථානායකවරිය ඇතුළු ස්විට්සර්ලන්ත දූත පිරිස පළමුව ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අතර, එහිදී ඔවුන් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පවතින මතය යහපත් තත්ත්වයක පවතින බවයි.

අනතුරුව ස්විට්සර්ලන්තයේ කථානායිකා ක්‍රිස්ටා මාක්වෝල්ඩර් ඇතුළු දූත පිරිස මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැකීම සඳහා මල්වතු මහා විහාරය වෙත පැමිණියා.

එහිදී මහනාහිමියන් ස්විට්සර්ලන්තයේ කථානායිකාව වෙත පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙරට සංහිදියාව වෙනුවෙන් සුවිශේෂී කැප කිරීමක් සිදුකරන බවයි.