ආනමඩුවේ පැවති UNP උපහාර උත්සවයක් පුටු ප්‍රහාරයකින් අවසන් වූ හැටි

Monday, 10 October 2016 - 7:04

%E0%B6%86%E0%B6%B1%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+UNP+%E0%B6%8B%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඊයේ පස්වරුවේ ආනමඩුවේ පැවති උත්සවයක් අතරතුර එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවුණා.

එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයින්, සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධාන කර තිබුණේ
ආනමඩුව - සුදම්පාය ශාලාවේයි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා.

උත්සවය ආරම්භ වීමට පෙර සිටම කිසියම් පිරිසකගෙන් ඊට බාධා එල්ල වූ අතර අවසානයේ එය ගැටුමක් බවට පත්වුණා.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් මෙම සිද්ධියට මුල්වූ බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත්, ගැටුම හේතුවෙන් අදාළ උත්සවය අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගත්තා.